Press "Enter" to skip to content

නාමල්ට එරෙහිව බන්දුල පොලීසියට

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ තමාට නොදන්නවා හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීමක් සැලසුම් කිරීම සම්බන්ධවයි.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ විනය කඩ කර ඇති බවට බන්දුල ගුණවර්ධන මහතා පොලීසියට පැමිණිලි කර ඇතත් පොලිසිය පවසා ඇත්තේ ඒ සම්බන්ධව පොලිසියට ගත හැකි ක්‍රියා මාර්ගයක් නොමැති බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පළාත් සභා මන්ත්‍රී ජනක වැලවත්ත මහතාගේ ආරාධනයකට අනුව ඔහුගේ නිවසට ගොස් තේ පැන් සංග්‍රහයෙක් භුක්ති විඳි බවත් ඒ අවස්ථාවේදී තම පාක්ෂිකයන් පිරිසක් පැමිණ සුහද කතාබහක යෙදුනු බවත්ය.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *