Press "Enter" to skip to content

නිහතමානිව අපි අපේ ගමන යමු – දිනනකොට වගේම පරදිනකොටත් අපි එක්ක හැමෝම ඉදිවි” – චමරි අතපත්තු

දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ජනතාව ඉදියි කියලා තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.
ඇය මේ බව පැවසුවේ ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබු විශේෂ උත්සවයකට එක්වෙමින්.

එහිදී ඇය මෙසේ සිය අදහස් පල කර සිටියා “මගේ ජීවිතේ තිබුණ හීනයක් තමා ක්‍රීඩාවෙන් සමුගන්න කලින් ලංකාවට ආසියානු කුසලානයක්, ලෝක කුසලානයක් ගෙනත් දෙන එක. මගේ ටාගට් දෙකක් තියෙනවා. දෙකින් එකක් මට කරලා දෙන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. මේක ස්ටාට් එක විතරයි ළමයි. මම හැමවෙලේම මගේ ළමයින්ට කියන්නේ මේක එක්ක ජීවත් වුණොත් ඊළඟ හිනෙට යන්න බෑ. ගොඩක් දේවල් අපිට මේ වෙලාවේ ලැබෙනවා. ගොඩක් පැසසුම්, ප්‍රසංසා හැමදේම ලැබෙනවා. මේවා හරියට මැනේජ් කරගෙන නිහතමානිව අපි අපේ ගමන යන්න ඕනේ. තව මාස එක හමාරකින් ලෝක කුසලානය පැවැත්වෙනවා බංග්ලාදේශයේ දී. අපි දන්නවා අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා මගේ ක්‍රීඩිකාවෝ ඒක කරයි කියලා. මේක අපේ රස්සාව. උදේ නැඟිටලා නින්දට යනකල් මේක අපේ රස්සාව. මේ වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ. මොකද අපේ රස්සාව අපි ආසා දේ. දිනනකොට ගොඩක් අය ඉන්නවා. පරදිනකොට හරිම පොඩි පිරිසක් ඉන්නේ. මම හිතන්නේ දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ඔයාලා ඉදියි කියලා මම විශ්වාස කරනවා.” යැයි චමරි අතපත්තු වැඩිදුරටත් කියා සිටියා.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *