Press "Enter" to skip to content

බල්ලට වැඩියෙන් කවලා: හිරේ යයි

නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය. ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත්, හේතුවෙනි.

මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බව ද පැවැසෙයි.

නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි.

සිර දඬුවමට අමතරව, හිමිකාරිනායට නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් ද පැනැවිණි.

 

 

 

 

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *