Press "Enter" to skip to content

මෝදි යුක්‍රේනයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යුක්‍රේන සංචාරය අදින් ආරම්භ වුණා.

පෝලන්තයේ නිල සංචාරයක නිරත වී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරය අවසන් කර දුම්‍රිය ගමනකින් යුක්‍රේනයට ළඟා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

පැය 10ක දුම්රිය ගමනකින් පසු කියෙව් වෙත ළඟා වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ඔහු හයට් නැමැති හෝටලයට ගොස් තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කිගේ ආරාධනයට අනුව සිදු කෙරෙන මම සංචාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ද බලාපොරොත්තු පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු පවසා තිබුණේ, මෝදිගේ යුක්‍රේන සංචාරය යුද්ධය අවසන් කිරීමට දායක වනු ඇතැයි විශ්වාස කරන බවයි.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *