Press "Enter" to skip to content

අවසන් කිව්වට අවසන් නෑ… ජනපති රනිල් සහ හිටපු ජනපති මහින්ද යළි සාකච්ඡා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ඊයේ (01) රාත්‍රියේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළා.

එම පක්ෂයේ‍ පළාත් පාලන නියෝජිතයින් ද බත්තරමුල්ල, නෙලු‍ම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඊයේ කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *