Press "Enter" to skip to content

එජාපයේ සහය ස්වාධීන අපේක්ෂක රනිල්ටලු

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (08) තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන අතර ස්වාධීනව ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පූර්ණ සහයෝගය එක්සත් ජාතික පක්ෂයේ සමස්ත සාමාජිකයින් විසින් ලබාදිය යුතු බවත් තීරණයකට එළඹී ඇති බව‍යි පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *