ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ,සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ආරාධනා කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Be First to Comment