Press "Enter" to skip to content

ඩුබායි පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් කටුනායකින් ආපසු හරවා එවයි.!

ඊයේ (20) රාත්‍රීයේ ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තාවේ.

මෙලෙස ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම හේතුවෙනි.

ඊයේ රාත්‍රී 08.35ට පමණ ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් ‌සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ආගමන විගමන නිළධාරීන් පවසයි.

මෙම තැනැත්තා 2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීම සම්බන්ධ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින තැනැත්තා වෙයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *