Press "Enter" to skip to content

පටන් ගනිද්දී අවුල් වුනාට දැන් මගේ රැස්වීම්වලට මිනිස්සු එනවා..- ෆොන්සේකා

දුෂණයෙන් තොර විනයගරුක රටක් නිර්මාණය කිරිම සදහා තමන් සමග එක්වන ලෙස ජනාධිපති අපෙක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය.

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි

මෙම රැස්විමේදි අදහස් දැක් වු  ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මගතා කියා සිටියේ දූෂණයෙන් තොරව විනයගරුක රටක් නිර්මාණය කිරීම එකම අපේක්ෂකයා වන තමන් සමග එක් වන ලෙස නුවරඑළිය ජනතාව ප්‍රමුඛ රටේ සියලු ජනයාට ඒකරාශි වන්නට ආරාධනා කරන බවයි.

ජනාධිපති මැතිවරණ මෙහෙයුම ආරම්භයට වඩා මේ විට ක්‍රමක් ක්‍රමයෙන් පිරිස එක් රැස් වෙනවා ඒකට කදිම උදාහරණය නුවරඑළිය මෙම රැස්වීම,

අද පුටුවල කට්ටිය ඉන්නෙ කිහිප දෙනෙක් නමුත් වටේ ඉදන් විශාල පිරිසක් මේ රැස්වීම බලන් ඉන්නවා ,

සජිත් ප්‍රේමදාස කියන්නේ බය ගුල්ලෙක් එදා ගෝඨාභය රටෙන් පැනලා ගියාම අපි කිව්වා රට භාරගමු කියලා එදා කිව්වේ මේකට අත ගහන එක භයානකයි කියලා ,

සජිත්ට මන් කිව්වා බදුල්ල තරුණ සමුළුවේදී මීට පස්සේ අතීතය කතා කරන එක නවත්තමු කියලා

එදා මාව රවලා බැලුවා සතියකින් පස්සේ ආයෙ වේදිකාවක කියනවා රණසිංහ ප්‍රේමදාසගේ පුතා විදිහහට යුක්තිය ඉටු කරද්දි සජිත් ප්‍රේමදාස දරුණුයි කියලා ,

මගේ හිසකෙස් එතකොට කෙලින් උනා මට මතක් උනා එතකොට එදා ප්‍රේමදාස දෙසිය ගානක් මැරුවේ යුක්තිය ඉටු කරන්නද කියලා යනුවෙන් පැවසිය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *