Press "Enter" to skip to content

පුංචි ඡන්දය කල් දැමීම ගැන පෙත්සමේ තීන්දුව අද

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙහි තීන්දුව ප්‍රකාශ කරනු ඇති.

2023 වසරේ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *