ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
එම අපේක්ෂකයා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ බවයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ.
ඔහු පවසන්නේ එම අපේක්ෂකත්වය සඳහා මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්රකාශ කරන බවට මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ ජ්යෙශ්ඨයින් සඳහන් කර කිබුණත් එය දිනෙන් දින කල් ගියා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී අද (06) එම පක්ෂයේ ජ්යෙශ්ඨයින්ගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට (07) ප්රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති පසුබිමකයි.
Be First to Comment