Press "Enter" to skip to content

පොහොට්ටුවේ සහාය ඉල්ලා රනිල්ගෙන් ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එම ඉල්ලීම අද (29දා) රැස්වන පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බව පැවසේ. පසුගිය සිකුරාදා (26දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනකුම කියා සිටියේ අද රැස්වන දේශපාලන බල මණ්ඩලයේ දී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තීරණය කරන බවයි. එම පක්ෂයේ අභ්‍යන්තර අරංචි මාර්ගවලින් වාර්තා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට විරුද්ධ බවයි.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *