Press "Enter" to skip to content

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ලොක්කෝ සියලු නඩුවලින් නිදහස්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් මුදල් අවභාවිත කළ බවට ගොනු කරන ලද අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

යුනුස් මෙම නඩුවෙන් නිදහස ලබා ඇත්තේ,කම්කරු නීති උල්ලංඝණය කිරීමේ නඩුවකින් නිදහස් වී දින හතරකට පසුවයි.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක, නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ, එරට දූෂණ විරෝධී කොමිසමයි.

ඒ, ග්‍රාමීන් ටෙලිකොම් සේවක හා සුබසාධන අරමුදලේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින්.

එම නඩුවෙන් මුහම්මද් යුනුස් නිදොස් කොට නිදහස් කර ඇති අතර, අන්තර්වාර රජයේ සෞඛ්‍ය උපදේශක ලෙස දිවුරුම් දුන් උපදේශකවරියක් වන නූජර්හාන් බේගම් ඇතුළුව 13 දෙනෙකුට එල්ල වූ චෝදනාවලින් ද ඔවුන් නිදහස ලබා ඇති බව, එරට මාධ්‍ය වාර්තා කරනවා.

බංගලාදේශ අධිකරණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, අගවිනිසුරු ඔබයිදුල් හසන් සිසු විරෝධතා හමුවේ පසුගිය සෙනසුරාදා ඉල්ලා අස්වුයේ ද මෙවන් පසුබිමක් තුළයි.

මේ අතර සතියක පමණ කාලයක් වැඩවර්ජනයක නිතරව සිටි බංග්ලාදේශ පොලිසිය නැවත රාජකාරි සඳහා වාර්තා කර තිබෙනවා.

දින 6ක කාලයක් ඩකා අගනුවර රථ වාහන හැසිරවූ එරට සිසුන් වෙනුවට බංග්ලාදේශ රථවාහන පොලිසිය එම රාජකාරීය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙළෙඳසැල්වලට ගොස් වෙළෙඳාම් නිරීක්ෂණය කරන ආකාරය ද එරට මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔවුන්ගේ අවධානය යොමු වූයේ නිෂ්පාදනවල ප්‍රමිතිය සහ සාධාරණ මිලකට භාණ්ඩ අලෙවි කරනවාද යන්න පිළිබඳවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *