සමගි ජන බලවේග ආණ්ඩුව යටතේ සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
එළඹෙන 2025 වසරේ ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දමන බවත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 57,500 දක්වා ඉහළ දමන බවද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙමින් සිටින්නේ බොරු පොරොන්දු බවත් තමන් ජනාධිපති වූ පසු රජයේ සේවකයන්ගේ වැටුප් ජීවන වියදමට සරිලන ලෙස සංශෝධනයට කොමිසමක් පත් කරන බවද සදහන් කරයි.
සමගි ජන සන්ධානය වරකාපොළදී සංවිධාන කළ ජන රැළිය අමතමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.
Be First to Comment