Press "Enter" to skip to content

මාධ්‍යවේදී චමුදිත ඝාතන සැලැස්මක්?

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරිමට ඩුබායි හි සිටන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්  සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම  පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි.

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බව සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත මහතා මෙරටින් පලා ගොස් ඩුබායි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව පැමිණිල්ලේ දක්වා ඇත.

“රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන” යනුවෙන් එම සාකච්ඡාවේ මාතෘකාව වී තිබු බව එරට සිටින නාමල් කුමාරගේ ශ්‍රී ලාංකික තොරතුරුකාරියක එදිනම රාත්‍රී දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ද ඒ බව චමුදිතට දැනුම් දෙන ලෙසද එම තොරතුරුකාරිය විසින් නාමල් කුමාරට පවසා ඇතැයිද එම වීඩියෝ හරහා දැන ගැනීමට ලැබුණු බව චමුදිත කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනකුටද දුරකථනයෙන් පැමිණිලි කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *