Press "Enter" to skip to content

රනිල් සහ බැසිල් සතර කන් මන්ත්‍රණයේ රහස් හෙළිවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර ඉකුත් 25 වැනිදා පැවති සාකච්ඡාවේ තොරතුරු කිහිපයක් මාධ්‍ය වෙත හෙළි වී ඇත . එම තොරතුරු අතර ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.මෙහිදී ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 30% පළාත් සභා සදහා සියයට 35% හා පාර්ලිමේන්තුව සදහා සියයට 40% බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කරන තිබේ.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 90% පාර්ලිමේන්තුව සදහා සියයට 70% සහ පළාත් සභා සදහා සියයට 70% ඉල්ලා ඇත. මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇත. නැවත හෙට ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තාවේ.

 

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *