Press "Enter" to skip to content

විජයමුණි – වඩිවේල් සහ විමලවීර රනිල් සමග

සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල නගරයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පුද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *