Press "Enter" to skip to content

ශ්‍රීලනිපයේ සහයත් රනිල්ටලු

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.” යනුවෙනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව ප්‍රකාශ කළ බව ඔවුන් පවසයි.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *