Press "Enter" to skip to content

සජිත් දිනවන්න පැමිණි අයෙක් මියයයි.!

සමගි ජන බලවේග පක්ෂයේ රැස්විමකට පැමිණි පනස්හත් හැවිරිදි පිරිමි අයකු බස් රථයකට යට වී මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය සදහන් කරයි.

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා ඊයේ (11) දින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී රැස් වීමක් සංවිධාන කර තිබුණේය.

එම රැස්වීම සඳහා සමගි ජන බලවේගයේ පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගි වු අතර රැස්වීම අවසානයේ පැමිණි පිරිස ගම්බිම් බලා යාමේදී සෙනග ප්‍රවාහනය කළ බස් රථයකට එම පුද්ගලයා යට වී ඇත.

අනතුරුව එම පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බව පොලිසිය සදහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *