Press "Enter" to skip to content

සර්වජන බලයේ මංගල ජනරැළිය යාපනයේදී

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද ගම්මන්පිල මහතා කීය.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා දිලිත් ජයවීර බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *