Press "Enter" to skip to content

සර්ව ජනබලයේ අපේක්ෂකයා අගෝස්තු 4 එළියට

‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එම සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතා නායකත්වය දරණ පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය, ගෙවිඳු කුමාරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ සහ සන්විධාන රැසක් ‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ සාමාජිකත්ව දරයි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *