Press "Enter" to skip to content

විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ

කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව, අවුරුදු 9ක දක්වා අඩු කිරීමට ඉරාකය සූදානම් වෙයි. ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇතැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් එම යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී ඇත. ඒ, පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇතැයි පෙන්වා දෙමිනි.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *