Press "Enter" to skip to content

විජයදාසට මෛත්‍රිත් නැතිලු

ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය අවිනිශ්චිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස  රාජපක්ෂ මහතා පවසන්නේ එතුමාගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවයි.

සහයෝගය නැතිවුණත් එයද බාරගන්නා බව ඔහු සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.

මෛත්‍රිපාල  සිරිසේන මහතා වෙනත් අපේක්ෂකයකුට උදව් කරන බවට ආරංචි පැතිර යන බව මාධ්‍ය විමසූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා පැවසූවේ  තමාටද එවැනි ආරංචියක් ලැබුණු බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *