ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර ඉකුත් 25 වැනිදා පැවති සාකච්ඡාවේ තොරතුරු කිහිපයක් මාධ්‍ය වෙත හෙළි වී ඇත . එම තොරතුරු අතර ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.මෙහිදී ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 30% පළාත් සභා සදහා සියයට 35% හා පාර්ලිමේන්තුව සදහා සියයට 40% බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කරන තිබේ.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට 90% පාර්ලිමේන්තුව සදහා සියයට 70% සහ පළාත් සභා සදහා සියයට 70% ඉල්ලා ඇත. මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇත. නැවත හෙට ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තාවේ.
Be First to Comment