ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත  ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි කාරයාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව තෙල්වත්ත බෝයගොඩ පාර පදිංචි 44 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබලෙකි.

ඔහු අද උදැසන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තම ඡන්ද පත්‍රිකාව ලබාගෙන එහි ඡන්දය ලකුණු  කිරිමෙන් පසු එය ඡායාරුපගත කරන අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *