Press "Enter" to skip to content

රනිල්ට සහය ගන්න සාගල සහ සුසිල් මහින්ද හමුවෙයි

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  නායක මහින්ද රාජපක්ෂ  සිය විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ජනාධිපතිවරයාට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇත.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *