Press "Enter" to skip to content

පොහොට්ටුවේ තීරණය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ  ශ්‍රී ලංකා පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව මේ වනවිට ප්‍රකාශ කර අවසන්.

ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවකගේ සහාය ද හිමිව තිබෙනවා.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *