Press "Enter" to skip to content

රනිල් පොහොට්ටු 100ක් ගලවයි.!

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයකට අධික පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට එක්ව සිටිනා බවයි.

ඒ අතරින් මැති ඇමතිවරු 75ක් රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර අවසන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊයේ(29) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන තවත් වේගවත් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *