ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී ඡන්ද ප්රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් කුඹියෝ නිවුස් වෙත පැවසීය.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ බව ද රාජපක්ෂ මහතා එම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බව ද හෙතෙම කීය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබා තිබූ කාලය පුරාම ද ශ්රී ලංකාවේ ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වී ඇති බව එම නිලධාරියා තවදුරටත් පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ප්රකාශ කළ නොහැකි බවට පවතින ප්රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිසම මේ අදහස් සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට ගෝඨාට බාධාවක් නෑ….
More from ප්රධාන පුවත්More posts in ප්රධාන පුවත් »
- රනිල් එජාපයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකියි… සාගරගෙන් අමුතු කතාවක්
- “ශ්රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් ණය අඩුවීමක් සිදුවන්නේ නැහැ” – ජනපති
- ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කරයි
- සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා
Be First to Comment