නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (අද) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා උත්සාහ දරූ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ ජාතික ජන බලවේගී විධායක සභික කේ.ඩී ලාල්කාන්ත අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කළේ අරගලය සමයේදී පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ලාල්කාන්ත ඇතුළු ජවිපේ පිරිස් උත්සාහ කළ බවත් අරගලයේ නායකයින් එය ප්‍රතික්ෂේප කිරීම මත එය මඟහැරුනු බවත් කේ.ඩී ලාල්කාන්ත විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් සැලසුම් කිරීමත් නීතියට අනුව වරදක් බවත් ලාල්කාන්ත සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
Be First to Comment