Press "Enter" to skip to content

අමෙරිකාව අබිබවා චීනය පෙරමුණට

‘පැරිස් 2024’ ඔලිම්පික් උලෙළේ 14 වැනි දිනය වූ අද (09) දිනයේ මෙරට වේලාවෙන් ප.ව. 7.45ට වනවිට අවසන් වූ තරග ඉසව් අනුව අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගැනීමට චීනය සමත්ව වුණි.

රන් පදක්කම් 31කට හිමිකම් කියන චීනය රිදී 25ක් හා ලෝකඩ 20ක් සමඟින් සමස්ත පදක්කම් 76ක් දිනාගෙන සිටී.

අද පස්වරුව වනවිටත් මෙහි පෙරමුණ හිමිකර ගනිමින් චීනය සමඟින් කරට කර සටනක් දුන් අමෙරිකාව මේ වනවිට දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

කෙසේ නමුත් ඔවුන්ද රන් පදක්කම් 30ක්, රිදී 38ක් හා ලෝකඩ 35ක් සමඟින් සමස්ත පදක්කම් 103කට හිමිකම් කියයි.

මේ අතර ඔස්ට්‍රේලියාව තමත් තෙවැනි ස්ථානය රැකගෙන සිටින අතර, ඔවුන්ගේ පදක්කම් ලැයිස්තුව රන් 18ක්, රිදී 15ක් හා ලෝකඩ 14ක් සමඟින් පදක්කම් 47කින් සැරසී තිබේ.

ඔස්ට්‍රේලියාවේ මෙම නැගීසිටීම හේතුවෙන් සත්කාරක ප්‍රංශයට තවමත් සිව්වැනි ස්ථානයේදී රැඳීසිටීමට සිදුව ඇති අතර, ඔවුන් රන් 14ක් සමඟින් මුළු පදක්කම් 55කට හිමිකම් කියයි.

කෙසේ නමුත් බ්‍රිතාන්‍යයද රන් පදක්කම් 14ක් දිනාගෙන සිටින අතර, ඔවුන් දිනූ රිදී පදක්කම් ගණන 17ක් වූ හෙයින් පදක්කම් සටහනේ 05වැනි ස්ථානයේම රැඳී සිටීමට සිදුව ඇත.

බ්‍රිතාන්‍යය ලෝකඩ 21ක් සමගින් පදක්කම් 52කට හිමිකම් කියයි.

මෙවර ඔලිම්පික් උලෙළ එළැඹෙන 11 වනදායින් අවසන්වීමට නියමිතය.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *