Press "Enter" to skip to content

අමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් බාරගෙන තිබුණි.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සහ එර්බිල් හමුදා කඳවුරු ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කිරීමට ඉරානය කටයුතු කර තිබේ.

ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සඳහා එල්ල කළ ප්‍රහාරයක් බවයි.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ප්‍රහාරය තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් ප්‍රහාරවලින් සිදුවූ පුද්ගල හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළ ඉරානය පවසා ඇත්තේ, අමෙරිකානු හමුදා කඳවුරු පිහිටුවීමට සිය භුමියේ ඉඩකඩ ලබාදී ඇති සියලුම රාජ්‍යයන් මෙවන් ප්‍රහාර සඳහා සූදානම්ව සිටින ලෙසයි.

ඉරාකය තුළ පිහිටි හමුදා කඳවුරුවල අමෙරිකානු සෙබලුන් 5 000කට වැඩි පිරිසක් රඳවා සිටියි.

කෙසේ වෙතත් පසුගියදා ඉරාක පාර්ලිමේන්තුව පනතක් සම්මත කරමින් අවධාරණය කර සිටියේ සිය භූමියේ සිටින සියලු විදෙස් සෙබලුන් වහාම රටෙන් ඉවත්ව යායුතු බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *