Press "Enter" to skip to content

අයිස්ලන්තයේ පළමු කොරෝනා ආසාදිතයා

අයිස්ලන්තයේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා අද වාර්තා වී ඇත.

ඉතාලියේ සංචාරයක නිරත වූ 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා වෛරස ආසාදනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔහු සමඟසිටි පවුලේ ඥාතීන් සහ සෙසු පුද්ගලයින් ද වෛරස ආසාදනයට ලක්ව ඇත් ද යන්න පිළිබඳ එරට රජය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

මේ අතර තායිවානයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 5දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 38 ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ඩුබායි සහ ඊජිප්තුවේ සංචාරවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු ද ආසාදිතයින් අතර වන බවයි වාර්තා වන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *