Press "Enter" to skip to content

ආබාධිතයින් 19 ක් ඝාතනය කළ සැකකරුට මරණ දණ්ඩනය

ආබාධිත පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමට ජපාන අධිකරණයක් තීරණය කර තිබේ.

ආබාධිත දරුවන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් 19 දෙනෙකු සැකකරු විසින් ඝාතනය කර තිබුණේ 2016 වසරේදීයි.

ආරක්ෂක පහසුකම් සපයන ආයතනයක සේවය කළ 30 හැවිරිදි අදාල සැකකරු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එම පිරිසට ජීවත් වීමේ හේතුවක් නොතිබූ බවයි.

ඝාතන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළ ද පැවති නඩු විභාගයෙන් ඔහු වැරදිකරු කරමින් යොකෝහාමා දිස්ත්‍රික් අධිකරණය විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *