Press "Enter" to skip to content

ඉතාලියේ කොරෝනා හේතුවෙන් දෙවැනි මරණයත් වාර්තා වෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය දෙවන පුද්ගල මරණය පඩුවා නගරයෙන් වාර්තා වෙයි.

එම ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මියගිය පුද්ගලයාගේ බිරිඳට සහ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදන වූ පුද්ගලයින් 80 දෙනෙකු ඉතාලියෙන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ඉතාලියේ ලොම්බාර්ඩි සහ වෙනෙටෝහි උතුරු ප්‍රදේශවලට කොරෝනා වෛරසයෙන් දැඩි බලපැම් එල්ල වී ඇති අතර මේ වන විට එම ප්‍රදේශ තාවකාලිකව වසා දමා ඇත.

එමෙන්ම එම ප්‍රදේශවල ඉහළ පෙලේ පාපන්දු ක්‍රීඩා ඉසව් ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *