Press "Enter" to skip to content

ඉන්දියාවෙන් වාර්තා වූ අවාසනාවන්තම කොවිඩ් මරණය

ලොව පුරා පැතිර යන කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සමාජය මුහුණ පා ඇත්තේ ඉතා දුක්ඛිත තත්ත්වයකටය.

ඊට උදාහරණ ලෙස දැක්විය හැකි සිදුවීම් දෙකක් ඉරාකයෙන් සහ ඉන්දියාවෙන් වාර්තා විය.

විදෙස් වාර්තා පවසන්නේ ඉරාකයේ මෘතශරීරාගාරවලින් කොවිඩ් මළසිරුරු රැගෙන යාමට සිදුව ඇත්තේ ද ඔවුන්ගේම ඥාතීන්ට බවය.

ඒ ඒවායේ සේවකයින් වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඇල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

මේ වනවිට ඉරාකයේ කොවිඩ් ආසාදිතයින් 110,000ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 4,400කට ආසන්නය.

මේ අතර, බටහිර බෙංගාල ප්‍රාන්තයේ රෝගාතුර වූ සිය සැමියා ගිලන් රථයකට ඔසවා තැබීමට කාන්තාවක් උපකාර ඉල්ලා වැළපෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල්ගත කෙරුණු ඔහු කොවිඩ් බවට සැක කෙරෙන රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

ඉන් පැය කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව කොල්කටා නගරයේ රෝහලකට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ සඳහා ඔහුට ගිලන් රථයක් සූදානම් කර දී තිබුණද ඊට ගොඩවීමට තරම් ශක්තියක් නොතිබුණු එම පුද්ගලයාගේ බිරිඳ අවට අයගෙන් උපකාර ඉල්ලා සිටියත් කිසිවෙකු ඊට ඉදිරිපත් නොවීම හේතුවෙන් විනාඩි 30 කට පමණ පසු ඔහු රෝහල අසළදී ඉතාමත් අවාසනාවන්ත ලෙස මරණයට පත් විය.

අද වන විට ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි හැටහතර ලක්ෂය ඉක්මවා තිබේ .

වාර්තාවන ගෝලීය කොවිඩ් මරණ ගණන 652,033 කි.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *