Press "Enter" to skip to content

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් කොමසාරිස්වරයෙක් මරුට

කොවිඩ් නයන්ටීන් වෛසරය හේතුවෙන් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් කොමසාරිස්වරයෙකු  මියගොස් තිබේ.

රාජකාරි කාලය තුළදි වෛරසයේ රොගි ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් ඔහු මිට දින කිහිපයකට පෙර රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව සිදුකරන ලද පරික්ශාවක දි ඔහු කොවිඩ් නයන්ටීන් වෛරස ආසාධිතයෙකු බවට තහවුරු වී තිබේ.

පසුගිය (18) රාත්‍රී රෝගි තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මියගොස් ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ බිරිද සහ රියදුරු කොවිඩ් නයන්ටීන් වෛසරස පරික්ෂාවන් සඳහා යොමුකර ඇති බව සදහන්.

මියගිය පොලිස් කොමසාරිස්වරයා පසුගිය දින කිහිපයේ දි ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුම ඇසුරු කළ අයෙකු වන අතර එම නිළාධාරින්ට ස්වයං නිරෝධායනය වන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

ඉන්දියාවෙන් මේ වන විට කොවිඩ් නයන්ටීන් වෛරසය ආසාදනය වුවන් 15,723 දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ 521ක් සිදුව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *