Press "Enter" to skip to content

ඉන්දියාවේ 23ක් වැසි ආපදාවෙන් මරුට

ඉන්දියාවේ මුම්බායි ප්‍රාන්තයේ පවතින අධික වැසි හේතුවෙන් නිවාස මතට තාප්පයක් කඩාවැටී පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය අයගෙන් 17 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, තවදුරටත් ගළවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

 

අධික වර්ෂාවත් සමඟ ගසක් තාප්පයක් මතට කඩාවැටී පසුව එම තාප්පය නිවාස මතට කඩාවැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.  මේ අතර යුරෝපා රටවලට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බෙල්ජියම සහ ජර්මනියේ පමණක් මියගිය සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *