Press "Enter" to skip to content

ඉන්දියාව ‘තලාක්’ දික්කසාදය තහනම් කරයි!

මුස්ලිම් ජාතිකයන් අතර සාම්ප්‍රදායිකව පැවතෙමින් ඇති ‘ක්ෂණික දික්කසාද ක්‍රමය’ සාපරාධී වරදක් බව පිළිගැනෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මතකර තිබේ.

එම සම්ප්‍රදාය අනුව, “තලාක්” යන වචනය තුන්වරක් පැවසීමෙන් මුස්ලිම් සැමියෙකුට තම බිරිඳගෙන් දික්කසාද වීමට හැකිය. නූතන තත්වයන් යටතේ මෙය කොතරම් පීඩාකාරී ලෙස කාන්තාවන්ට බලපා තිබේද යත් ඊමේල්, කෙටි පණිවුඩ හෝ වෙනත් ඕනෑ ම ක්‍රමයකින් එම සම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කළ හැකිය. කෙසේවෙතත්, 2017 වසරේදී එම සම්ප්‍රදාය ව්‍යවස්ථාවට පටහැනි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේය.

තලාක් ක්‍රමය අහෝසි කරමින් ඉන්දියාවේ සම්මතකර ඇති මෙම නව නීතිය උල්ලංඝණය කරන්නන් වසර 3ක් දක්වා බන්ධනාගාරගත කළ හැකිය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *