Press "Enter" to skip to content

ඉරානයට ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවල හිඟයක්

ඉරානයට ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවල හිඟයක් පවතින බව විදෙස් වාර්තා පවසයි. 

ඖෂධ ආනයනය කරනු ලබන රටවල් රැසක මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවපවතින බැවින් ඖෂධ ආනයනය කිරීමේදී ගැටළු රැසකට මුහුණ පා ඇති බවයි එරට රජය පවසන්නේ. 

විශේෂයෙන් අමෙරිකාව විසින් පනවන ලද සම්බාධක මීට හේතු වීඇති බව සඳහන්. 

ඉරානයේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 8042 දෙනෙකු හදුනාගෙන ඇති අතර පුද්ගල මරණ 291ක් වාර්තා වී තිබේ.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දුනීසියාවේ සිදුවූ පළමු පුද්ගල මරණය අද වාර්තා වී ඇත. 

වෛරස ආසාදනයට ලක්ව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 53 හැවිරිදි විදේශිකයෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන්දුනීසියාව තුළ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 27දෙනෙකු හඳුනාගෙන ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *