Press "Enter" to skip to content

ඊශ්‍රායල යුදෙව් දේවස්ථානයක් බැතිමතුන් සමගම කඩා වැටේ

ඊශ්‍රායලයේ ජෙරුසලමට වයඹ දෙසින් පිහිටි ගිවාත් ෂීව් හි බටහිර ඉවුරේ වූ යුදෙව් ඕතඩොක්ස් සිනගෝගයක (දේවස්ථානයක) පඩි ආකාරයෙන් ඉහළට එසවුණු ආසන පෙළක් විශාල බැතිමතුන් පිරිසක් සමග කඩා වැටීමෙන් මහා අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරින් අවම වශයෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ජෙරුසලමේ දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියා ඊශ්‍රායල රූපවාහිනී වාර්තාකරුවන්ට පැවසීය.

 

ඊශ්‍රායල රූපවාහිනියේ විකාශය වූ වීඩියෝ පටයේ දැක්වෙන්නේ බැතිමතුන්ගෙන් පිරී පැවති මෙම ආසන පෙළ මත ඔවුන් නර්තනයක ආකාරයෙන් යාඥාවන්ට සහභාගී වී සිටින අවස්ථාවේ විශාල බැතිමතුන් පිරිසක් සමග ආසල පෙළෙහි කොටසක් සම්පූර්ණමෙන්ම බිමට පතිත වන ආකාරයයි.

 

පොලිසිය පවසන පරිදි බැතිමතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම අනතුරින් තුවාල ලබා ඇත. එම ස්ථානයේ සිටි ගිනි නිවන භටයෙක් ඊශ්‍රායල් මාධ්‍යයට පැවසුවේ වන්දනාකරුවන් මෙම ආසන යට සිරවී සිටි බවයි.

 

ඊශ්‍රායල හදිසි වෛද්‍ය සේවාවන්ට අනුව 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

 

ඊශ්‍රායලයේ මෙරොන් කන්දෙහි පැවති ආගමික උත්සවයකදී 45 දෙනෙකු මියගොස් සති දෙකකට පමණ පසුව මෙම අනතුර සිදුව ඇති අතර, එමෙන්ම ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගාසා තීරයේ දරුණු ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක මෙම අවාසනාවන්ත ඉරණමටද ඊශ්‍රායල් යුදෙව්වන්ට මුහුණ දීමට සිදුව තිබේ.

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *