Press "Enter" to skip to content

උගන්ඩාවේ ගංවතුරින් 16 ක් මරුට

උගන්ඩාවේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 16 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

සති කිහිපයක සිට පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ බව කාළගුණ අංශ සඳහන් කරයි.

මාර්ග ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර නායයෑම් සහ වතුරේ ගසාගෙන යාම හේතුවෙන් මරණ සිදුවී ඇති බව රතු කුරුස සංවිධානය පවසයි.

ගංවතුරෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

උගන්ඩාවේ නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සතියේ ඇතිවූ නායයෑම් හේතුවෙන් බොහෝ දෙනෙක් මියගියහ.

(බීබීසී ඇසුරිණි – 085)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *