Press "Enter" to skip to content

එක්සත් රාජධානියේ කොරෝනා මරණ දෙගුණ වෙයි

ගත වූ පැය 24 තුළ එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ දෙගුණයක වර්ධනයක් පෙන්නුම් කරමින් 21 දක්වා ඉහළ යාම කැපී පෙනෙන සිද්ධියක්.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණනද 1,140 දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේ වෙතත් එක්සත් රාජධානියේ සැබෑ රෝගීන් සංඛ්‍යාව 5,000 ත් 10,000 ත් අතර වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රජය පවසයි.

වසංගත තත්ත්වය මධ්‍යයේ ලන්ඩන් නුවර සුපිරි වෙළඳසැල් වල රාක්ක හිස් වී ඇති අයුරු දක්නට ලැබුණි.

උද්ගතව පවතින තත්ත්වය හමුවේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විද්‍යාඥයින් 200 කට වැඩි පිරිසක් රජයට ලිපියක් යොමු කර ඇත.

ඕනෑම බෝවන රෝගයක එක් ලක්ෂණයක් වන්නේ, යම් ජනගහනයක කිසියම් ප්‍රතිශතයකට එම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය තිබීම මගින්, එම ජනගහනයේ ප්‍රතිශක්තිය නොමැති අයට රෝගය වැළඳීමේ ප්‍රවනතාවය අඩුවීමයි.

මෙය හර්ඩ් ඉමියුනිටි (Herd Immunity) ලෙස හැඳින්වෙයි.

ජනගහනයෙන් 60% කට පමණ රෝගය වැළඳී ඇති විට කොවිඩ්  -19 සඳහා හර්ඩ් ඉමියුනිටි ළඟා වනු ඇති බවට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

කෙසේ වෙතත් විද්‍යාඥයින් යොමුකළ ලිපියේ දැක්වෙන්නේ මේ අවස්ථාවේදී හර්ඩ් ඉමියුනිටි කෙරෙහි යොමුවීම සුදුසු විකල්පයක් නොවන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *