Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයෙකු ප්‍රථම වරට ස්විට්සර්ලන්තයෙන්

නව කොරෝනා ආසාදිතයෙකු ප්‍රථම වරට ස්විට්සර්ලන්තයෙන් ද වාර්තා වී තිබේ. 

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකුට බව හදුනාගෙන ඇත.

ස්විට්සර්ලන්ත ඉතාලි දේශසීමාව ආසන්නයේදී මෙම ආසාදිත පුද්ගලයා හදුනාගෙන ඇති බව සදහන්. 

මොහුට වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති අතර මෙම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් හදුනාගෙන ඔවුන් දින 14ක නිරෝධායන කාලයකට යටත්කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරන්නේය. 

නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 80,427 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගල මරණ 2712ක් වාර්තා වන බව සදහන්. 

වෛරසය ආසාදනයවූ පුද්ගලයින් අතරින් 27,958 දෙනෙකු සුවය ලබා ඇති බව ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *