Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ රටවල්

මේ වසර අවසන් වීමට පෙර අමෙරිකාව විසින් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව එන්නතක් සොයාගනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන් තුළ විශ්වාසයක් පවතින බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විසින් තමන් වෙත පළමු වරට අනාවරණයක් සිදු කළේ පසුගිය ජනවාරි මස 23 වනදා බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ වන විටත් අමෙරිකාවේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී දින 3 ක කාලයක් ගත වී තිබූ අතර එම අවස්ථාවේ බුද්ධි අංශ අදාල වෛරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නොතිබූ බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන අමෙරිකාවේ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් එකලොස් ලක්ෂ 87,387 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 68,570 ක් වෙයි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ රටවල් අතරට බ්‍රසීලය ද එක්වී තිබේ.

ඒ අනුව මේ වන විට එරටින් ආසාදිතයින් එක් ලක්ෂ 1147 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 7000 ඉක්මවයි.

ලතින් අමෙරිකානු රටවල් අතරින් වෛරසයේ වැඩිම බලපෑම එල්ල වූ රට වන බ්‍රසීලය ලොව කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ නව වන රටයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *