Press "Enter" to skip to content

ගෝලීය උණුසුම් වීමට එරෙහිව ලොව පුරා විරෝධතා පෙළපාලි

ගෝලීය උණුසුමට එරෙහි ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් දැරියගේ අභාෂය ලබමින්, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පසුගිය 20දා ගෝලීය දේශගුණික වැඩ වර්ජනයක් දියත් කරනු ලැබීය.

මහාද්වීප පුරා විරෝධතාකරුවන් විරෝධතා පුවරු සහ සටන් පාඨ කියමින්, මිනිසුන් විසින්ම ඇති කරනලද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ මෙතෙක් සිදු වූ විශාලතම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණි.

“අපේ නිවස ගිනි අරන්”, ග්‍රේටා කියා සිටියාය.  “අපි පසෙකට වී බලා සිටීම හරිද?”

පැසිෆික් හා ආසියානු කලාපයෙන් ආරම්භ වූ විරෝධතාව එක්සත් ජනපදයේ නිව්යෝක්හි දැවැන්ත උද්ඝෝෂණයකින් අවසන් විය.

මැන්හැටන් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ආසන්නයේදී මෙය පැවැත්වූයේ ඔවුන්ගේ සමුළුවට සතියක් තිබියදීය.

මෙවර සමුළුවේදී දේශගුණික විපර්යාසයන් විසඳීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස ක්‍රියාකාරීන් මෙහිදී ඉල්ලා සිටියේය.

දේශගුණික විපර්යාස පිළිබඳ අකාර්යක්ෂමතාවට විරෝධය දැක්වීම ග්‍රේටා ප්‍රථම වරට පාසල ගමන අත්හැරි අතර, ඇගේ ක්‍රියා කලාපය ලොව පුරා පාසල් ළමයින් වෙතද දැඩි බලපෑමක් කළාය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *