Press "Enter" to skip to content

චීනයේ ගුවන් පාලමක් කඩා වැටේ

නැගෙනහිර චීනයේ ජියැන්සූ පළාතේදී ගුවන් පාලමක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.

එහිදී පාලමට පහළින් පිහිටි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන තුනක් සුන්බුන් වලට යටවී තිබුණි.

ජියැන්සු පළාතේ වූෂි නගරයේ මහා මාර්ගයකට ඉහළින් ඉදිකර තිබූ ගුවන් පාලමක් කඩා වැටී ඇත.

අදාළ සිදුවීම මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

මහා මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන තුනක් ගුවන් පාලමේ සුන්බුන් වලට යට වී තිබුණි.

සිදුවීමෙන් පුද්ගයන් තිදෙනෙක් මිය ගියේය.

අනතුරට පත් වාහන සහ ගුවන් පාලමේ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුමක් බලධාරීන් විසින් ආරම්භ කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *