Press "Enter" to skip to content

ජපාන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

ජපානයේ යොකොහාමා වරාය ආශ්‍රිතව නැංගුරම් ලා ඇති මගී නෞකාවේ සිටින තවත් මගීන් 06 දෙනෙකුටනව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. 

ඒඅනුව එහි සිටි මගීන් 70 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මගීන් සහ කාර්යය මණ්ඩලය 3700ක පමණ පිරිසක් රැගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නැමැති මෙම නෞකාවෙන් කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ එහි සිටි මගීන් පරීක්ෂා කිරීමට ජපාන බලධාරීන් තීරණය කළේය. 

වෛරසය ආසාදිත වූ මගීන් මේ වන විට රෝහල් ගත කර ඇති අතර සෙසු පිරිස තවදුරටත් නෞකාවේ රැදීසිටින බව වාර්තා වේ. 

මෙම ආසාදිතයින් සංඛ්‍යාවත් සමඟ ජපානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96ක්දක්වා ඉහළ ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *