Press "Enter" to skip to content

තායිලන්තයේ ආසාදිතයින් 2220ක්

නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 51 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ තායිලන්තයෙන් හඳුනා ගැණුනු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2200 ඉක්මවා ඇත. 

එරට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තායිලන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2220ක් බවයි. 

කෙසේවෙතත් තායිලන්තයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 03ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

තායිලන්තයේ අගනුවර වන බැංකොක් සහ තදාසන්න ප්‍රදේශවලින් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර වැඩිම සංචාරක ආකර්ශනයක් දිනාගත් ෆුකෙට් ප්‍රදේශයෙන් දෙවනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *