Press "Enter" to skip to content

දුම්රිය දෙකක් එකිනෙක ගැටේ

මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි අගනුවරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයෙක් මියගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලැබුවේය.

අග නගරයේ බටහිර දෙසට වන්නට පිහිටි තකුබයා දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබුණි.

ඉන් පුද්ගලයෙක් මියගොස් ඇති අතර 40කට වැඩි මගීන් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

ඒ අතරින් 25දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබුණි.

අනතුර සිදුවීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නොමැති අතර බලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙක්සිකෝ සිටි මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ලොව වඩාත් කාර්යබහුලම දුම්රිය පද්ධතියක් ලෙස සැලකෙයි.

දුම්රිය මාර්ග 12කින් සහ නැවතුම්පලවල් 195කින් සමන්විත මෙම පද්ධතිය වාර්ෂිකව මගීන් බිලියන 1.6කට පමණ පහසුකම් සපයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *